Pedestrian dies of water pipeline burst in Mawanella

මාවනැල්ල ප්‍රදේශයේ ජල නලයක් පුපුරා යාමෙන් පදිකයෙක් මරුට…

මාවනැල්ල, හෙම්මාතගම ප්‍රදේශයේ ජල නළයක් පුපුරා යාමෙන් පදිකයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

මාවනැල්ල ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අනුබද්ධ සමාගමක සේවකයින් පිරිසක් හෙම්මාතගම සිට වෑත්තෑව දක්වා ජලය රැගෙන යන නළයක පීඩනය පරීක්ෂා කිරීමේදී ජල නළය පුපුරා ගොස් ඇති බව පොලිසිය පවසයි.

පිපිරීමෙන් තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මේ වන විට එම ස්ථානය පසුකරමින් සිටි හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයා මියගොස් තිබේ.

මාවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *