Central Bank to further extend moratorium

මහ බැංකුව පඩිය කපා ගන්න යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩි කර ගත් වැටුප් යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන්  වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වවලට දැනුම්දී ඇතැයි  එම බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප්  සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් රජයේ තීරණය එන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත්  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව අනිද්දා 20 වැනිදා  බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

මුදල් කමිටුවෙන් දෙන වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන අවශ්‍ය පියවර  ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *