මහියංගන මූලික රෝහලේ බාහිර රෝගී අංශය අරී

මහියංගන මූලික රෝහලේ බාහිර රෝගී අංශය (OPD) ඊයේ(1) විවෘත කළ බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සත්කාර සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය.

විශේෂඥ සේවා අවශ්‍ය අය  අනෙක් රෝහල් වෙත යොමු කෙරෙන බව අතපත්තු මහතා කීය.

මහියංගන රෝහල වෙත විදුලිබලය දැන් ලබා දී තිබෙන අතර  ජල සැපයුම ලබා දීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රෝහල පිරිසිදුකිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහායෙන් මේ වන විට තවදුරටත් සිදු කෙරෙමින් පවතී.රුධිර කාන්දුකරන සේවාද (Dialysis) අද ඇරඹී තිබේ.

අපදා තත්ත්වය හමුවේ මහියංගන රෝහල ජලයෙන් යට වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *