මහනුවරදී සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්.

නව තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහ කොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාරදීමේ අවස්ථාවට පෙරේදා (02) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති රාජ්‍යතාන්ත්‍රික උත්සවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය තොරතුරු පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා.

විශේෂ ආරක්‍ෂාව යටතේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙම උත්සවයට සහභාගි වීම සඳහා පොලිසිය කැටුව යාම ඇතැම් පිරිස් විවේචනය කර ඇත.

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ වැඩසටහන් ඇතුළු විශේෂ උත්සව කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී සංවිධානය කර තිබිණි. ඊට සමගාමීව මෙම වැඩසටහන මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

1961 දී පිහිටුවන ලද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය ඇතුළු ලෝකයේ ශිෂ්ට සම්පන්න රටවල සම්ප්‍රදායට ගරු කරමින්, ශ්‍රී ලංකාවේ බලයේ සිටින ඕනෑම රජයක වගකීම වන්නේ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සිය අක්තපත්‍ර ඉදිරිපත් කිරීමට පැමිණෙන විට ඔවුන්ට රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් ලබා දීමයි. .

මෙවැනි පසුබිමක ජනතාව නොමග යවන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට ගන්නා උත්සාහයන් ජනාධිපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *