වව්නියාව, පරනට්කල් ප්‍රදේශයේ දී 42 හැවිරිදි කාන්තාවක්, ඇයගේ දියණිය සමග ළිඳට පැන සියදිවි හානි කරගෙන තිබේ.
පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසියක දී එම කාන්තාවගේ සහ දියණියගේ මළ සිරුරු ප්‍රදේශයේ ළිඳක තිබී සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.