මරදාන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක අද අලුයම ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ ශ්‍රි සංඝරාජ මාවතේ පිහිටි අවන්හලකයි.
මෙම අවන්හලේ මුලුතැන්ගෙයි තිබූ ගෑස් ටැංකියේ පිපිරීයාම හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවටයි පොලිසිය සැක පල කරනන්නේ. සිද්ධියෙන් මුලුතැන්ගෙයි සිටි අවුරුදු 46 ක් වන, බලපිටිය ප්‍රදේශයේ පදිංචි කරැවෙක් එම ස්ථානයේම මිය ගොස් ඇති බවට වාර්තා වේ.
මේ වනවිට කොළඹ මහ නගර සභාවේ රථ 05ක් යොදා ගනිමින් සම්පුර්ණයෙන්ම ගින්න මැඩ පවත්වා තිබෙන බව වාර්තා වේ.