මබ්බෲක්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ( පරිපාලන)  ලෙස කටයුතු කළ  මබ්බෲක් මාර්සූක්  මහතා  පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂක තනතුරට උසස් කරනු ලැබ සිටී

ඔහු නියෝජ්‍ය  අධ්‍යක්ෂ( පරිපාලන) තනතුරට පත්වීමට පෙර කටයුතු කළේ  මහජන පෙත්සම් කාරක සභාවේ  සහකාර අධ්‍යක්ෂවරයා ලෙසය.

කාලයක් ගුරු වෘත්තියේ නියැලී සිට පාර්ලිමේන්තු  නිලධාරියකු ලෙස  මැතිසබයේ  සේවයට එක්වූ මම්බෲක් මහතා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සිංහල ඉංග්‍රීසි  සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කිරීමට සුවිශේෂ නිපුණත්වයක් දැක්වූ අයෙකි.

මබ්බෲක් මාර්සූක්  මහතා  කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.

උදය මුණසිංහ  මහතා  පාර්ලිමේන්තු පරිපාලන අධ්‍යක්ෂ ධූරයෙන් පසුගියදා විශ්‍රාම  ලැබීමෙන්  එම තනතුර පුරප්පාඩු විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *