මන්ත්‍රී ජගත් විතානට මරණීය තර්ජනයක්

තමාට ජීවිත තර්ජනයක් තිබෙන බවට පොලිස්පතිවරයා කරුණු වාර්තා කර ඇති හෙයින්  ආරක්ෂාව තහවුරු කරන්නැයි  සමගි  ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාගෙන් පාර්ලිමේන්තුවේදී   ඉල්ලීමක් කළේය.

තමා ගෙදරින් එළියට බහින අවස්ථාවේදී ඝාතනය කරන බවට පොලිස්පතිවරයා කළුතර පොලිස් ප්‍රධානියකුට යැවූ  නිවේදනයක   සඳහන් වන්නේ යැයිද  ඔහු ප්‍රකාශ කළේය.

ජගත් විතාන මහතා පොලිස්පතිවරයාගේ එම ලිපිය මෙහිදී සභාගත කළේය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායකවරයා පැවසුවේ  මෙම ප්‍රශ්නය සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා කතානායකවරයාට යොමු කරන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-

මන්ත්‍රීවරුන්ට අද ආරක්ෂාවක් නැහැ. ඔබතුමාගේ වගකීම මන්ත්‍රීවරුන් රැකගන්න එක. මෙතුමාට ආරක්ෂාව ලබාදෙන්න. ඒ යුතුකම කරන්න. මේක කල් දමන්න පුළුවන් ප්‍රශ්නයක් නොවේ. ජීවිතයක් අහිමි වුණාට පස්සේ මොන ආරක්ෂාවද. වැලිගම සභාපතිට වෙච්ච දෙයින් අපි පාඩමක් ඉගෙන ගනිමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *