බෙල්ජියමේ සිට ගුවන් තැපැල් හරහා මෙරටට එවූ එක්ස්ටර්සි හෙවත් මෙතපිටමින් වර්ගයට අයත් මත්පෙති කිලෝ 09 ක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී අද රේගු භාරයට ගෙන තිබේ.
පාර්සල් 03 ක අසුරා තිබූ මෙම මෙතපිටමින් මත්පෙති ප්‍රමාණය 18,000 ක් බවත් ඒවායේ වටිනාකම රුපියල් කෝටි 13 හමාරකට අධික වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසා සිටී. මෙය ආසියාවේදී අත්අඩංගුවට ගැනුණු විශාලතම මත්පෙති තොගය වන බවයි ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියේ.