මධ්‍යම තැපැල් හුවමාරුවෙන් රුපියල් මිලියන 50ක් වටිනා මත්කුඩු අත්අඩංගුවට…

ශ්‍රී ලංකා රේගුව විසින් මධ්‍යම තැපැල් හුවමාරුවේදී මෙතම්ෆෙටමින් පෙති විශාල තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සහ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේ මෙම තොගයේ වටිනාකම රුපියල් කෝටි 100කට අධික බවයි. මිලියන 49 කි.

ජර්මනියේ සිට අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට එවා තිබූ පාර්සලයක තිබී මෙම පෙති තොගය සොයාගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කිලෝග්‍රෑම් 2ක් පමණ බරැති මෙතම්ෆෙටමින් පෙති 4956ක් රේගු නිලධාරීන් භාරයට ගත් බව සුදත්ත සිල්වා මහතා අනාවරණය කළේය.

මෙම ජාවාරම් තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) නිලධාරීන් වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *