මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ නාකොටික් නිලධාරියෙක් රාගමදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (07) රාගමදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහායදීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 වන සැකකරු මොහු වේ.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහායදීමේ චෝදනා එල්ලව තිබූ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයා ඊයේ දහවල් කඩවත පොලිසියට පැමිණ භාර වී තිබේ. පැය 72 ක රැඳවුම් නියෝග මත මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *