මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු චංචල හා නිශ්චල දේපොල රාජසන්තක කිරීමට යයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලබා අත්අඩංගුවට ගනු ලබන ඕනෑම කෙනෙකුගේ ගිණුමක මත්ද්‍රව්‍ය මූලික කරගනිමින් මුදල් තැන්පත් කර තිබේ නම් එම මුදල් රාජසන්තක කිරීමට මින් ඉදිරියට කටයුතු කරන බව බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ අදාළ ගිණුම් වලට මුදල් බැරකරන ලැබූ පුද්ගලයන් පිළිබඳව පරීක්ෂණ කටයුතු කරමින්, ඔවුන්ගේ චංචල හා නිශ්චල දේපොල මෙලෙස රජයට පවරා ගැනීම සිදුකරන බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයන් විසින් දිගින් දිගටම සිදුකරන ලද දරුණු ඝනයේ අපරාධ සැලකිල්ලට ගෙන මෙලෙස නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *