අගමැති වුණොත් එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් දෙනවා – සජිත්

තමා අගමැති ලෙස තේරී පත්වුවහොත් මතභේදාත්මක එම්.සී.සී. ගිවිසුමට කිසිවිටෙකත් අත්සන් නොකරන බවට පොරොන්දු වෙමින් දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කිරීමටද සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි.

“මම කිසි විටෙකත් එම්.සී.සී. ගිවිසුමට අත්සන් නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් ප්‍රතිඥා දීමට සූදානම්. එබැවින් වත්මන් රජය ද ජනතාව වෙනුවෙන් එසේ කළ යුතුව තිබෙනවා” යනුවෙන් ඒ මහතා පවසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් ඔවුන් MCC ගිවිසුමට අත්සන් නොකරන බවට ප්‍රතිඥා දෙන ලෙස සියලු මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *