මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ නාකොටික් IP අල්ලන්න මහජන සහය ඉල්ලයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළ සැකකරුවෙක් වන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙම පොලිස් පරීක්ෂකවරයා, අංක 189, කිරිකත්ත, වැලිවේරිය යන ලිපිනයේ පදිංචි වෙහෙරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර නැමති වයස අවුරුදු 49 ක පුද්ගලයෙකි.

සැකකරුගේ ඡායාරූපය පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රසිද්ධ කර ඇති අතර පහත ඡායාරූපයේ සිටින්නේ අදාළ සැකකරුයි. ඔහු සම්බන්ධව යම් තොරතුරක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0718591767 හෝ 0112422176 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව ද පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *