වැලිකඩ රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වේ

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින රැඳවියෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

අදාළ රැඳවියා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ඉකුත් 27 වැනිදා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරුකර එවන ලද පුද්ගලයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ආසාධිත රෝගියා සම්බන්ධයෙන් හා අනෙකුත් ආශ්‍රිතයින් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදුකරමින් පවතින බවටයි තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *