භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් පත් කරයි

භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරක සේවය කළ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, ඩී. ඒ. පී. අබේසේකර මහතා වයස අවුරුදු 60 සම්පුර්ණ වීම මත 2025-11-13 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.

ඒ අනුව, පුරප්පාඩු වී ඇති භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුර සඳහා, ව්‍යාපෘති  කළමනා කරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එස්. එස්. මුදලිගේ මහතා සුදුසු බවට හඳුනා ගනු ලැබ තිබේ.

ඒ අනුව, දැනට පුරප්පාඩු වී ඇති භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී එස්. එස්. මුදලිගේ මහතා පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *