බේස්ලයින් මාර්ගය පුළුල් කිරීමේ තෙවැනි අදියර ඇරඹේ, රුපියල් බිලියන 2.886ක ව්‍යාපෘතියක්

කොළඹ බේස්ලයින් මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ තෙවැනි අදියර නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  නිල වශයෙන් ආරම්භ කෙරිණි.

කොළඹ හොරණ ප්‍රධාන මාර්ගයේ කිරුළපන මංසන්ධියේ සිට දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර් 0.86ක මාර්ග කොටසක් පුළුල් කර නවීකරණය කිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා රජය දේශීය අරමුදල්වලින් රුපියල් බිලියන 2.886ක මුදලක් වෙන් කර තිබේ.

නවීකරණය කෙරෙන මාර්ගය මීටර් 3.5 බැගින් පළලින් යුත් මංතීරු හයකින් සමන්විත වන අතර, පදිකයන් සඳහා වෙන් වූ මංතීරු සහ පාපැදි මංතීරු ද ඊට ඇතුළත් වේ.

මාස 18ක් ඇතුළත ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කරන අතර, 2028 අප්‍රේල් මාසයේදී මාර්ගය මහජනතාව සඳහා විවෘත කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *