ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා, නාවික හමුදාවේ ”විජයබාහු නෞකාව” වෙත ඊයේ (30) රාත්‍රියේ දී නංවාගෙන ඇති අතර නෞකාව මේ වනවිට ගොඩබිමට යාත්‍රා කරමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
එම බහුදින ධීවර යාත්‍රාවේ සිට ධීවරයින් හය දෙනාගෙන් පස්දෙනෙකුම මේවනවිට මියගොස් ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
මෙලෙස මියගොස් තිබුණේ යාත්‍රාවේ ස්කිපර්වරයා වන 42 හැවිරිදි නයන කාන්ත , 24 හැවිරිදි පැතුම් දිල්ශාන්, 32 හැවිරිදි සුජිත් සංජීව , 33 හැවිරිදි ප්‍රදීප් නිශාන්ත සහ 68 හැවිරිදි අජිත් කුමාර යන ධීවරයින් 5 දෙනාය.
තංගල්ල ධීවර වරායෙන් ඩෙවොන් 5 නැමැති බහුදින ධීවර යාත්‍රාව ඉකුත් 6 වනදා ජාත්‍යන්තර මුහුදු සීමාවට ධීවර කටයුතු සඳහා යාත්‍රා කොට ඇත්තේ ධීවරයන් 6 දෙනෙකුද සමගිනි.
ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි අතරවාරයේ මුහුදේ පාවෙමින් තිබූ යම් බෝතලයක තිබූ දියරයක් මත්පැන් වර්ගයක් යැයි සිතා මෙම ධීවරයින් පානය කර ඇත.