බූස්ස බන්ධනාගාරයේ ඉන්න බෑ – කංජිපානි ශ්‍රේෂ්ඨාධිකරණයට

දකුණු පළාතෙන් බැහැර වෙනත් බන්ධනාගාරයකට තමන්ව මාරු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පාතාල කල්ලි නායකයෙකු ලෙසට සැලකෙන කංජිපානි ඉම්රාන්නොහොත් මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් නැමැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඔහු සිය පෙත්සමේ දක්වා ඇත්තේ තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන මත බූස්ස බන්ධනාගාරය තුළ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. එමෙන්ම බන්ධනාගාර නිළධාරීන් හැර වෙනත් අයට සිය සිර කුටිය තුලට ඇතුල්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම මගින් ඉල්ලා තිබේ.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසින් නම් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නවදෙනෙක්.

දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන්ට වසර හයක බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියමව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *