ඇල්පිටිය පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුට හා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 17කට කොවිඩ් ආසාදිත බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
ඇල්පිටිය පොලීසියේ කොවිඩ් ආසාධිත නිලධාරීන් තිදෙනෙකු වාර්තාවීම හේතුවෙන් ඉන් අනතුරුව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ වලදි තවත් නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ් ආසාධනය වී ඇති බව හඳුනාගෙන තිබේ. ඇල්පිටිය පොලීසියෙන් මේ වනවිට නිලධාරීන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.
එමෙන්ම බූස්ස බන්ධනාගාරයේද ආසාදිතයන් 17ක් වාර්තා වීමත් සමග එම ආසාදිතයන් පිරිස රෝහල් කරාත්, සෙසු ආශ්‍රිතයින් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ වලටත් යොමු කර ඇති බවයි.
මේ අතර උඩුගම ලංගම ඩිපෝවේ සේවය කරන පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පැවසුවේ එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 37දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි.