ජාතික ආරක්ෂාවට ඇති තර්ජනය සැලකිල්ලට ගනිමින් සම්පූර්ණ මුහුණ ආවරණ වන පරිදි කාන්තාවන් අඳිනු ලබන බුර්කාව තහනම් කිරීමට අදාල නියෝගය බොහෝ දුරට අද දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසා සිටියි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමුකර පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ නීති රීති සම්පදනය කිරීමත් සමගම සම්පූර්ණ මුහුණු ආවරණය වන බුර්කාව පැළද ගමන් බිමන් යාමට නොහැකි වන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ අදාළ තහනම හෙට න්යායපත්රයට ඇතුළත් නොවුණහොත් අනිවාර්යයෙන්ම ලබන සදුදා දිනයේදී න්යායපත්රයට ඇතුලත්වන බවයි.