ගෙවීයන මාසයේ පළමු දින 20 තුළ බීමතින් රිය පැදවූ 5,042 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මේ අතර අද(24) අලුයම 6න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 201 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය ජූලි 5 වැනිදා සිට බීමතින් රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් දිවයින පුරා ක්රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.