දෙහිවල කනත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

දෙහිවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.

දෙහිවල – ගල්කිස්ස පොදු සුසාන භූමියට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානය ඉවත් කිරීමට පෙර එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *