මංගල රවීට බෑ කියයි

විදුලිබල, බලශක්ති අමාත්‍යංශය වෙනත් ස්ථානයකට ගෙනයාම සඳහා රුපියල් මිලියන 364ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමැති  රවි කරුණානායක ඉදිරිපත් කළ කැබිනට්  සංදේශයට මුදල් ඇමැති මංගල සමරවීර මෙවර කැබිනට් රැස්වීමේදී  දැඩි විරෝධය පළකර ඇතැයි වාර්තා වේ.

කැබිනට්  රැස්වීමේදී ද අදාළ යෝජනාව සාකච්ඡාවට ලක්වී ඇති අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළකර ඇති අතර මෙම කැබිනට් පත්‍රිකාව මීට පෙර ද අමාතමණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා සිය නිරීක්‍ෂණ ඉදිරිපත් කරමින් සිය විරෝධය පළකර තිබිණි.

දැනට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ කුලී ගොඩනැගිල්ලක විදුලිබල අමාත්‍යංශය පවත්වාගෙන යන අතර එය කොළඹ නවම් මාවතේ කුලී ගොඩනැගිල්ලකට ගෙනයාම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

මේ සඳහා මුදල් අමාත්‍යංශයෙන් කිසිදු මුදලක් ලබාදිය නොහැකි බව මුදල් ඇමැතිවරයා පවසා ඇතැයි ද අලුතින් කාර්යාලවලට මුදල් වියදම් නොකරන බවට තීන්දුවක් ගෙන ඇති නිසා විදුලිබල අමාත්‍යංශයේ යෝජනාවට එකඟවිය නොහැකි බවද ඔහු කියා ඇත.

ඒ අනුව විදුලිබල අමාත්‍යංශය වෙනත් තැනකට ගෙනයාමට අවශ්‍ය මුදල් විදුලිබල අමාත්‍යංශය යටතේ ඇති ලංකා විදුලි  සමාගමෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බව ද වාර්තා වේ.

(උපුටා ගැනීම – ලංකාදීප / Image – Fast News)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *