බ්‍රිතාන්‍ය අගමැතිටත් නව කොරෝනා වෛරසය වැළදේ

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හට කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත.

තමන්ට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින් ඊට අදාළ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පරීක්ෂණය ධනාත්මක වූ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ වන විට තමන් නිවසේ සිට වැඩකටයුතු කරන බවත් සියලු දෙනා එක්ව නව කොරෝනා වෛරසය පරාජය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

එක්සත් රාජධානිය පුරා මේ වනවිට අවම වශයෙන් කොරෝනා වෛරස ආසාධිතයින් 11,658 ක් පමණ වාර්තා වී ඇති අතර පුද්ගලයින් 578 ක් මියගොස් ඇති බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *