බස්නාහිරින් පිටතට යාමට පැමිණි 61කට කොවිඩ් බව රැපිඩ් පරීක්ෂණ මගින් තහවුරු වුණා – අජිත් රෝහණ මහතා

පසුගිය 18 දා සිට ජනවාරි 05 දක්වා කාලය තුළ බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ පැවැත්වීම ආරම්භ කර ඇති අතර මේ වනවිට එම පරීක්ෂණ මගින් ආසාධිතයින් 61 සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. එමෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින් 315 දෙනෙකුද මේ වන විට නිරෝධායනයට ලක් කර තිබේ.

අජිත් රෝහණ මහතා පවසා සිටින්නේ බස්නාහිර පළාතෙන් අනෙක් පළාත්වලට පිටවිය හැකි ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 10,000ක් ඊයේ (29) උදෑසන වන විට සිදුකර ඇති බවයි.

රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සඳහා සහාය දැක්වීම සැම දෙනකුගේම යුතුකමක් සහ වගකීමක් බවත්, මෙලෙස පරීක්ෂණ සිදු කරන්නේ ඔබට ප්‍රතිකාර ලබාදීමටත් වෛරසය අනෙක් අයට බෝවීම පැතිරීම වැළැක්වීමට බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *