බලපත්‍ර නොමැතිව වටිනා කොස් දැව තොගයක් ආවරණය කළ ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන වැලිගම හිටපු සභාපතිවරයෙක් ඇතුළු තිදෙනෙකු කොක්මාදුව අධිවේගී පිවිසුම අසලදී කනංකේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දැව සිරිමවුන් වත්ත රජයේ වාරිමාර්ග රක්ෂිතයෙන් කැපුවේදැයි සොයා විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.
ඉකුත්දා ගම්වාසීන් රජයේ රක්ෂිතයකට ඇතුළු වී මෙසේ රක්ෂිතයක් විනාශ කරන බවට පොලීසිය ඇතුළු නිළධාරින් දැනුවත් කළ අතර ගම්වාසීන් එක්ව එම ස්ථානය වටලද්දී සභාපතිවරයා ප්‍රධාන සැකකරුවෝ පැන ගොස් ඇතැයිද කියයි.
කෙසේවෙතත් කනංකේ පොලිස් බුද්ධි නිළධාරියකුට කොක්මාදුව පිවිසුම අසලට දැව පැටවූ ලොරි රථයක් පැමිණෙමින් ඇතැයි ලද තොරතුරු මත රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නිළධාරින් මෙම වැටලීම සිදු කර තිබේ.