බද්දේගම ප්‍රදේශයේදී සිදුවූ ත්‍රිත්ව ඝාතනයට ආධාර සහ අනුබල දුන් බවට සැක කෙරෙන 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අතරතුර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු ඉරිදා (04) අලුයම අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ගාල්ල දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැප්තැම්බර් 27 වැනිදා බද්දේගම පොලිස් බල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, එහිදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබිණි.
පොලිසිය සඳහන් කළේ 27 හැවිරිදි සැකකරු එම අපරාධයට ආධාර සහ අනුබල දී ඇති බවට සැක කෙරෙන බවයි.
වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔහු පැය 48ක රැඳවුම් නියෝගයක් යටතේ රඳවාගෙන සිටී.
ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.


