කළුතර හා ඒ අවට ප්‍රදේශවල විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කෙරුණු අතර එහිදී හදුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන නිවාස හා අවට ප්‍රදේශ දැඩි පරීක්ෂාවට ලක්කර ඇත.
කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් වැටලීමේදී එම නිවසේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් පොලීසිය දැක පළාගොස් ඇති අතර පොලීසිය විසින් පසුව ඔවුන් ලුහුබැඳගොස් අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව අදාළ නිවස පරීක්ෂා කිරීමේදී දෙඅත් ගැටගසා තියුණු ආයුධ වලින් අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයෙක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත.
පසුව තරුණයාට පහරදුන් පුද්ගලයින් 7 දෙනෙක් එම නිවසේදීම අත්අඩංගුවට ගෙන ඇත.
එසේම එහිදී අදාළ තරුණයාට පහරදුන් තියුණු ආයුධ 3ක්, හදුනා නොගත් මත් කරල්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ද ඔවුන් සන්තකයේ තිබියදී පොලිස් භාරයට ගනු ලැබීය.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය අලෙවි කොට මුදල් නොලැබීම හේතුවෙන් මෙම පහරදීම සිදු කළ බවය.