මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කොවිඩ් පැතිරයෑමේ අවදානමක් ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු එවැනි උද්ඝෝෂණ හා මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා දැනුම්දී තිබේ.
පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව දන්වා ඇති බවය.
ඒ අනුව එම නිරෝධායන නියෝගවලට අදාළව පොලීසිය ක්‍රියාකරනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.
මේ අතර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකර කටයුතු කළහොත් ඉදිරියේදී තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පැවසීය.
එම සංගමයේ සභාපතිනී, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය රට තුළ පවතින බැවින් තවදුරටත් ආරක්ෂාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත් බවය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය එම අදහස් පළ කළාය.