පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා කටයුතු අමාත්‍යවරුන්ගේ 14 වැනි සමුළුව 2028දී ශ්‍රී ලංකාවේදී

2028 වසරේ පළමු කාර්තුවේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා කටයුතු අමාත්‍යවරුන්ගේ 14 වැනි සමුළුව සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව එකඟ වී තිබේ.

මෙම ජාත්‍යන්තර සමුළුව සංවිධානය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

කාන්තා කටයුතු සම්බන්ධයෙන් වගකීම් දරන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ හවුල්කාර සංවිධානවල නියෝජිතයන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් හා සවිබල ගැන්වීම සම්බන්ධ ප්‍රතිපත්තිමය උපායමාර්ග සාකච්ඡා කිරීම, සාර්ථක ක්‍රියාමාර්ග හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ සාමාජික රටවල් අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉදිරියට ගෙන යාම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *