පොට්ට අමිල අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික යකු බව කියන පොට්ට අමිල නැමැත්තා සහ ඔහුගේ සමීපතමයන් තිදෙනකු රුපියල් ලක්‍ෂ 10 කට ආසන්න වටිනා මත්පෙති සහ අයිස් මත්ද්‍රව‍ය සමග  අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

එම සැකකරුවන් සමග මත්පෙති 5300 ක් සහ අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 15000 ක් හා ජාවාරමට යොදා ගත් ජංගම දුරකථන 3 ක් ද පොලිස් භාරයටට ගෙන ඇත.

ගෝනපොල කුඹුකවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව‍ය ජාවාරම්කරුවකු වන පොට්ට අමිල නැමැත්තාගේ සමීපතමයකු අයිස් මත්ද්‍රව‍ය බෙදා හැරීම සඳහා පැමිණෙමින් සිටින බවට මොරගහහේන පොලිසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 2200 ක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම අයිස් මත්ද්‍රව‍ය පොට්ට අමිල තවත් පුද්ගලයකුට ලබාදීම සඳහා තමන් වෙත ලබා දුන් බවට අනාවරණය වීමෙන් අනතුරුව පොට්ට අමිල නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා නිවස සොයා යාමේදී ඔහු තවත් පුද්ගලයන් දෙදෙනකු සමග පෙට්ටියක්ද අත දරාගෙන පැමිණෙමින් සිටියදී එම සැකකරු නවතා සිදු කළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 10100 ක් හා අත දරා සිටි පෙට්ටිය තුළ තිබී මත් පෙති 5000 ක් පොලිස් භාරයට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *