“පුරවැසි ධෛර්යත් රැගෙන රට නැවත ප්‍රතිනිර්මාණය කරනවා” – ජාතිය අමතයි

පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමග එක්ව නැවත රට ප්‍රතිනිර්මාණය කළ හැකි බව ඒකාන්තයෙන්ම විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට අප මුහුණ දී තිබෙනවා.මෙරට ඉතිහාසයේ අභියෝගාත්මකම ගලවා ගැනීමේ මෙහෙයුම අප මෙහෙයුමක කළා.රටම සතර දික් භාගයෙන් ආපදාවට ලක් වූ තත්ත්වයක් තුළ මේ අතිශය දුෂ්කර ව්‍යායාමය ජයගත යුතුයි.

මේ දූපතේ අධිෂ්ඨානශීලී බව කිසි ලෙසකින්වත් සසල කළ නොහැකි බව මේ ව්‍යසනයෙන් නැවත නැවත පසක් කර තිබෙනවා.පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමග එක්ව නැවත අපේ රට ප්‍රතිනිර්මාණය කළ හැකි බව ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා.

ව්‍යසනයෙන් මිය ගිය සියලු දෙනාට නැවත ජීවිතය ලබා දියහැකි නම් ඕනෑම කොන්දේසියකට යටත්ව එය ඉටු කිරීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ.නමුත් අප යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දිය යුතුයි.

මියගිය සියලු දෙනා අපට අංකයක් නොවේ.සෑම ජීවිතයක් සමගම නමක් මුහුණක් සහ කතාවක් තිබෙනවා.මියගිය සියලු පවුල් වෙනුවෙන් අප හදවතින්ම අපගේ ශාතිශය සංවේගය පිරිනමනවා. එය සංවේගයකට සීමා නොවී එම පවුල් වලට නැවත එම ජීවිතය ලබාදිය නොහැකි වුවත් සෙසු සියල්ල ලබාදීම වෙනුවෙන් අප කැපවීමෙන් කටයුතු කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *