tiran

පී.එච්.අයි ඝාතකයන්ගේ තොරතුරක් නැහැ – අමාත්‍ය ටිරාන් අලස්

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.

එම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විවිධ පැති ඔස්සේ දිගින් දිගටම විමර්ශන කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

පරීක්ෂණ කටයුතු සඳහා පරීක්ෂණ නිලධාරීහු කණ්ඩායම් කිහිපයක්ම යොදවනු ලැබ සිටිති.

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇල්පිටිය දිවිතුරුගම නිවසේදී වෙඩි තබා ඝාතනය ක කෙරුණේ පසුගිය මස  26 වැනිදාය.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රොෂාන් කුමාර මහතාට වෙඩි තබා පලා ගොස් තිබිණ.

මේ අතර එම ඝාතනය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් දන්නේ නම් වහා ලබා දෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *