පිටකොටුව ආශ්‍රිත ප්‍රදේශ වල රථ ගාල් වලින් කප්පම් ගත් කල්ලියක් අත්අඩංගුවට

පිටකොටුව, මැණින් වෙළෙපොළ, බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය ආදී ස්ථාන වල කොළඹ නගර සභාවට අයත් රථගාල් වල රාත්‍රී කාලයේ වාහන නවත්වන වෙළෙදුන් ඇතුලු පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගන්නා කල්ලියක පස් දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් වන මොවුන්ව තැරැව්කරුවන් ලෙස යොදා මෙම කටයුත්ත සිදුකරන බවත් රාත්‍රීයකට රථ ගාලකින් රුපියල් ලක්ෂයකට අධික මුදලක් උපයන බවටත් තොරතුරු වාර්තා වේ.

පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරුක් මත බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදුකර තිබේ.

සැකකරුවන් අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *