ලෙබනන් සිටි ශ්‍රී ලාංකිකයින් 171 මෙරටට

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකුගෙන් යුත් පිරිසක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-1506 දරන විශේෂ ගුවන් යානය ලෙබනනයේ, බේරෑට් ගුවන් තොටුළේ සිට එහි රැදී සිටි ලාංකිකයින් පිරිස රැගෙන අද (26) අලුයම 5.45ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත මෙසේ පැමිණ තිබුණි.

අනතුරුව මෙම ගුවන් යානයේ පැමිණි සියළුම පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *