පාස්කු බෝම්බ සිද්ධියට සම්බන්ධ බව පවසමින් කප්පම් ගන්නා සිද්ධියක් වාර්තා වේ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව විවිධ පුද්ගලයින්ට පවසමින් ඔවුන්ව එම චෝදනාවලින් මුදාවාගැනීමට යැයි පවසා මුදල් ඉල්ලීම් සිදුකළ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ ව තොරතුරු වාර්තා වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මෙවන් ක්‍රියා සිදුකරන්නන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසය.

2019 සිදුවු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට විවිධ පුද්ගලයින්ට චෝදනා කරමින් අදාළ කණ්ඩායම විසින් දුරකථන ඇමතුම් ලබාදෙමින් එම පුද්ගලයින්ගෙන් කප්පම් මුදල් ලබාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එලෙස කප්පම් මුදල් ලබාදුන් පුද්ගලයින්ගේ ද තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අදාළ සැකකරුවන් දුරකථනයෙන් පොලිස් නිලධාරීන් මෙන් කතා කර, “පාස්කු ප්‍රහාරයට ඔබ සම්බන්ධ බවත් එය වළක්වා ගැනීමට නම් අදාළ කප්පම් මුදල ගෙවන ලෙසත්“ දන්වා ඇත.

මෙවැනි දුරකථන ඇමතුම් බොහෝවිට ස්ථාවර දුරකථනවලට ලැබෙන බවත් එවන් ඇමතුම්වලට නොරැවටෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *