මල්ශාලාවක 10 දෙනෙකුට කොවිඩ්

හෝමාගම, විවිධ සේවා සමුපකාර සමිතියට අයත්, දියගම මල්ශාලාවේ කළමනාකරු ඇතුළු හත්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ, හේතුවෙන් එම මල් ශාලාව තාවකාලිකව වසා දැමීමට ඊයේ පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

එමෙන්ම එහි තවත් සේවකයින් 10 දෙනෙකු මල් ශාලාව තුළම නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තා වේ.

මීට දින කීපයකට පෙර අදාළ මල්ශාලාවේ කළමනාකරුට සහ රියදුරා ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර, පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී එහි තවත් සේවකයින් පස්දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගැණුනි.

ඒ අනුව, එම මල් ශාලාවේ සේවය කළ සෙසු සේවකයින් 10 දෙනෙකු ස්වයං නිරෝධායනය ලක්කර ආසාදිතයින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

එම මල්ශාලාවේ සේවකයින් කිහිපදෙනෙක් එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිත කරමින් දෛනිකව කටයුතු  සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *