සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද (16) දිනයේ සිට කොරෝනා මර්දන එන්නත ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා සිටියි. ඒ අනුව අද දිනයේ සිට 19 වැනිදා තෙක් කොරෝනා මර්දන එන්නත ඔවුන්ට ලබාදෙනු ඇත.
මෙම එන්නත කොළඹ යුද හමුදා රෝහලේදී මන්ත්‍රීවරුන්ට ලබාදෙන අතර, උදෑසන 8.30ත් 12.00ත් අතර පැමිණිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.