පාතාල සමඟ සම්බන්ධකම් පෑ පොලිස් ලොක්කන් වැඩ වරදී

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ තවත් පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ට එරෙහිව ඉතාම ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන අංශයට උපදෙස් දුන් බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ පොලිස් නිලධාරියෙක් සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන ඇති බව කී පොලිස්පතිවරයා චෝදනා එල්ල වී ඇති සෙසු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඇති දුරකථන සංවාද පොලිස් විශේෂ විමර්ශන අංශයට යොමුකර ඇති බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *