බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්රධාන ජේලර්වරුන් 19 දෙනෙකුට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වහාම ක්රියාත්මක වන පරිදි මීගමුව බන්ධනාගාරයේ ප්රධාන ජේලර්වරයාද අදාළ තනතුරෙන් ඉවත් කර ඇති අතර ඔහු දුම්බර බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසා සිටියි.
එමෙන්ම ප්රධාන ජේලර් තනතුර සඳහා නිලධාරීන් 6 දෙනෙකුද අලුතෙන් පත් කර ඇත.