ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 160ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත්විය.
නෙදර්ලන්තය වෙනුවෙන් පන්දු 39කදී හයේ පහර 6ක් සහ හතරේ පහරක් සමග වේගවත් ලකුණු 54ක් රැස්කරගත්තේය.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah, Mohammed Siraj, Kuldeep Yadav, Ravindra Jadeja කඩුලු දෙක බැගින් දවාගත්තේය.
මෙම තරගයේදී ඉන්දියාව වෙනුවෙන් සුපිරි ක්‍රීඩක කෝලි සහ රෝහිත් ශර්මා විසින් කඩුල්ල බැගින් දවාගැනීම සුවිශේෂී සිදුවීමකි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 410ක් රැස්කරගත්තේය.
එහිදී අගනා ඉනිම් දෙකක් ක්‍රීඩා කරමින් Shreyas Iyer සහ KL Rahul ඉන්දීය ලකුණු පුවරුව ඉහළට එසවීය.
නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ Shreyas Iyer පන්දු 94කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 128ක් රැස්කරගත්තේය.
KL Rahul පන්දු 64කදී හයේ පහර 4ක් සහ හතරේ පහරා 11ක් සමග ලකුණු 102ක් රැස්කළේය.
නායක රෝහිත් ශර්මා ලකුණු 61ක්, Shubman Gill ලකුණු 51ක් සහ කෝලි ලකුණු 51ක් බැගින් රැස්කරගත්තේය.
ලකුණු 411ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 3ක් ඇතුළත සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 250ක් පමණි.