දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වරින් වර වැසි ඇතිවිය හැකිය.
වයඹ පළාතේද ස්ථාන කිහිපයකට වැසි ඇතිවීමේ හැකියාව පවතී.
මේ අතර, උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවද අනාවැකියේ දැක්වේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව ප්‍රදේශීය වශයෙන් ඇතිවිය හැකි තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
මෙම කාලගුණ අනාවැකිය සැප්තැම්බර් 12 වැනිදා පෙරවරු 5.30ට නිකුත් කර ඇත.


