පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට රැස්වීමට නියමිතයි. අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබදව අංශ කිහිපයක් යටතේ එහිදී සාකච්ඡා කරන බවයි.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ යෝජනාව ඉකුත්දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. එහිදී තීරණය වූයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට යොමු කරන ලෙසටයි.
මේ අතර නව ව්‍යවස්ථාව සම්පාදනය කරන තුරු පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බව අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර ද සඳහන් කර සිටිනවා.