පළාත් කිහිපයකට තද වැසි සහ තද සුළං ඇති විය හැකි බවට අනාවැකි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ.

සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයක් ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කර ගැනීමට මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *