පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් නිසා වැසි තත්ත්වයේ වැඩිවීමක්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කෑගල්ල, රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලමි.මී.100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *