පවුලකට 60,000ක් දෙන්න කියලා මම ගෙනා යෝජනාවට රජයේ පිරිස් මට ඔච්චම් කළා – සජිත්

මහ මැතිවරණයෙන් අනතුරුව තමා යටතේ බිහිවන රජයක් යටතේ රුපියල් 20,000 ක මාසික ආධාරයක් සෑම පවුලක් වෙතම ලබාදෙන බවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ඊයේ (20) කෝට්ටේ ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු මෙසේ පැවසුවේය.

“දැන් මෙච්චර ආර්ථික හානියක් සිදුවෙලා තිබෙනවා. අනෙකුත් රටවල් තමන්ගේ ජනතාවගේ අතේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි කරන්න විවිධ සහන ලබා දෙනවා. අපේ රටේ සිදුවෙන්නේ රු.5000ක් වැනි සොච්චම් මුදලක් ලබා දීමයි.

මම කිව්වා අඩුම ගානේ පවුලකට 60,000ක්වත් දෙන්න ඕනේ කියලා. වර්තමාන රජයට වහල් වෙලා ඉන්න ඇතැම් පිරිස් සජිත් ප්‍රේමදාස 60,000ක් දෙන්න ඕනේ කියලා කියපු යෝජනාවට ඔච්චම් කළා. 60,000 දෙන්න බැරි නම් අඩු ගානේ ආහාර පාන ටික ලබාගෙන ජීවත් වෙන්න හරි 20,000 ලබා දෙන්න කියලා කිව්වා.

කොරෝනා ප්‍රශ්නය ව්‍යාප්ත වූ රටවල් අතරින් අඩුවෙන්ම ජනතාවට සහන දෙන රට තමයි ශ්‍රී ලංකාව. ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයයි රිපබ්ලිකන් පක්ෂයයි රණ්ඩු සරුවල් වෙනවා, ගෝරි දමා ගන්නවා. හැබැයි මිනිස්සුන්ට සහන ලබා දෙන්න පක්ෂ දෙකම එක්කහු වෙලා. ඇමරිකාව ඩොලර් ට්‍රිලියන 2.3ක් අනුමත කරගන්නවා. ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙනකම් අපි බලයට පත් වුනොත් හැම පවුලකටම 20,000ක ආධාරයක් අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවා” යැයි පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *