නොරොච්චෝලේ බලාගාරයට ’’හයියක්’’ දෙයි

නොරොචෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලි සැපයුම් පද්ධති ප්‍රසම්පාදනය කිරීම සඳහා තැවිණට අනුමැතිය ලැබී ඇත.

නොරොව්වෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය ආරක්ෂාකාරීව අක්‍රීය වීම සඳහා එම බලාගාරය තුළ සහායක විදුලි සැපයුමක් නොමැති වීම හේතුවෙන් රට පුරා විදුලිය බිඳ වැටීමකදී විදුලි බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතියේ සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියේ ආධාරක විදුලි සැපයුම අකර්‌මණ්‍ය වේ.

සිසිලනය සඳහා ඉඩ සලසමින් දින 4ක හෝ 5 ක කාලයකට බලාගාරයේ මෙහෙයුම් කටයුතු අත්හිටු වීමට සිදු වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු මූල්‍ය අලාභයක් ද සිදු වේ.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා තාක්ෂණික වශයෙන් යෝග්‍ය විසඳුමක් සොයා බැලීම පිණිස පත් කරන ලද කමිටුව විසින් අත්‍යවශ්‍ය පද්ධතීන් සඳහා කෙටි කලක් තුළ ක්‍රියාවට නැංවිය හැකි, නොකඩවා ක්‍රියාත්මක වන ආධාරක උප විදුලි බල සැපයුමක් හඳුන්වා දීම සුදුසු බවට යෝජනා කර ඇත.

ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ අරමුදල යොදා ගනිමින් ධාරිත්‍රක සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලිබල සැපයුමක් ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *