නීති වලට පටහැනිව මෙරටට ගෙන්වූ කහ බහාලුම් 62ක් යළි ප්‍රතිඅපනයනය කෙරේ

දේශීය කහ නිෂ්පාදකයන් දිරිමත් කිරීමේ අරමුණින් දැනට පනවා ඇති පාලන නීතිි වලින් බැහැරව, මෙරටට ආනයනය කෙරූ රුපියල් මිලියන 68කට ආසන්න වටිනාකමකින් යුත් කහ බහාලූම් 62 ක් යළිත් ප‍්‍රතිඅපනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම කහ තොගය ප‍්‍රති අපනයනය කිරීමට වැයවන සම්පූර්ණ මුදල කහ බහාලූම් ගෙන්වූ ආනයනයකරුවන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන බවටද වාර්තා වේ.

එමෙන්ම මෙරට විවිධ ප්‍රදේශ වල සගවා තිබියදී රේගු භාරයට ගැනුනු කහ ටොන් 30 ක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න නෙත් නිවුස් වෙත වැඩිදුරටත් සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *