නිවාඩු දින දෙකේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 124කට වැඩි ආදායමක්

අගෝස්තු 26 සහ 27 යන රජයේ නිවාඩු දින දෙක තුළ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 124.5කට වැඩි ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම දින දෙක තුළ වාහන 325,316ක් අධිවේගී මාර්ග පද්ධතිය භාවිත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

අගෝස්තු 26 වැනිදා වාහන 163,763ක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති අතර, එදින රුපියල් මිලියන 60.4ක ආදායමක් උපයා තිබේ.

ඊට පසු දිනයේදී වාහන 161,553ක් අධිවේගී මාර්ග භාවිත කර ඇති අතර, එදින උපයා ඇති ආදායම රුපියල් මිලියන 64.1කි.

වැඩිම රථවාහන ප්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගය (E01) සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගය (E02) ඔස්සේ ගමන් කර ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *